අවස්ථිති ඝූර්ණය සහ ජීවිතය​ (Moment of inertia for life )


අවස්ථිති ඝූර්ණය සහ ජීවිතය​ 


 භමණ චලිතයේ යෙදෙන වස්තු සිය වර්තමාන චලිත ස්වරූපය වෙනස් කිරීමට දක්වන අකමැත්ත සරලව අවස්ථිති ඝූර්ණය ලෙස හැදින්වේ. මේ අවස්ථිති ඝූර්ණය කෙරේ වස්තුවක ස්කන්ධය හා අරය බලපාන්වා.විශ්‍ෂයෙන්ම අරයේ වර්ග වීම තමයි බලපාන්නේ, එම නිසා ස්කන්ධයට වඩා අරය විශාල වීම අවස්ථිතියට හොදින් දැනෙනවා. 

වෙනස්වීම ජීවිතයට වැදගත් අංගයක් විශේෂයෙන්ම සර්වසම්පූර්ණ වෙන්න දගලන අපිට වෙනස් වීම තුලින් අද්දැකීම් බහුල කරගන්න පුලුවන් සර්වසම්පූර්ණ වීම කෙසේවිතත්... අපේ ජීවිතයෙත් අවස්ථිතිය තියෙනවා මේක නිසානේ වෙනස්වෙන්න ගොඩක් බය අපි , අපි අවස්ථිති ඝූර්ණය දිහා නිකන් බලමු එතකොට අපිට පේනවා ස්කන්ධය වැඩි කර ගැනීමට වඩා අරය විශාල කර ගැනීමම තමයි බලපාන්නේ අවස්ථිති ඝූර්ණයට වගේම අපිටත්... අපේ හරය බරසාර කර ගැනීමට වඩා අපි වටේ තිබෙන පුස් දේවල් තමයි අපේ වෙනස්වීමට දරණ ප්‍ර්‍රයත්නය ව්‍යර්ත කරන්නේ. ඒක නිසා අපි හරය අර්ථවත් කර ගැනීම ගැන බරපතල ලෙස නොසිතා (හුදෙක් අපිව වෙනස් කරගැනීම ගැන පමනක් සිතා) අපේ අරය අනවශ්‍ය ලෙස වැඩි කර ගැනීම ගැන සිතිය යුතුයී.

D.V.Savindu

Post a Comment

0 Comments

2022 A/L Combined Maths paper (2023)