අවස්ථිති ඝූර්ණය යනු ( moment of inertia)

අවස්ථිතිය වස්තුවක් බාහිර අසංතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චලතාවයේ හෝ චලනය වෙමින් පවතින දිශාවට චලනය වෙමින් පවතී. ( නිව්ටන්ගේ පළ්මුවන නියමය) එම නියමයට අනුව වස්තුවක චලිත් ස්වභාවය වෙන්ස් කිරීමට බාහිර අසංතුලිත බලයක් අවශ්‍ය වනවා.මන්ද වස්තූන් තම චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට අකමැත්තක් දක්වනවා.මෙම අකමැත්ත අවස්ථිති ය ලෙස හදුන්වනවා. අවස්ථිති යනු රේඛිය චලිතයේ යෙදෙන වස්තුවල චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන අකමැත්තයි. වස්තුවක ස්කන්ධය වැඩිනම් අවස්ථිතිය වැඩි අතර ස්කන්ධය අඩුනම් අවස්ථිතිය අඩුය. නමුත් වස්තුවක් භ්‍රමණ චලිතයේ / කෝණික චලිතයේ යෙදෙන විට එම චලිතයේ වෙනස්වීමකට දක්වන අකමැත්ත අවස්ථිති ඝූර්ණය ලෙස හදුන්වනවා.එනම් රේඛිය චලිතයේ ස්කන්ධය ලෙස හදුන්වන රාශිය භ්‍රමණ චලිතයේ දි අවස්ථිති ඝූර්ණය පත්වෙනවා. යම් අංශුවක් භ්‍රමණ චලිතයේ යෙදෙන විට එම අංශුවේ ස්කන්ධය හා චලිත පථයේ සිට පථයේ කේන්ද්‍රයට ඇති දුරේ වර්ගය අතර ගුණිතයෙන් අවස්ථිති ඝූර්ණය ගණනය කළ හැක එනම් අවස්ථිති ඝූර්ණය ස්කන්ධය හා චලිත පථයේ සිට පථයේ කේන්ද්‍රයට ඇති දුර යන සාධක මත රදා පවතී. ස්කන්ධය වැඩිවන විට හා දුර වැඩි වන විට අවස්ථිති ඝූර්ණය වැඩිවේ විවිධ වස්තූන්ගේ අවස්ථිති ඝූර්ණය
උදාහරණ ලෙස සර්කස් සන්දර්ශන වලදි කම්බියක් උඩ ගමන් කරන පුද්ගලයන් දිගු රිටක් රැගෙන ගමන් කරයි
මෙවැනි රිටව්ල් ව්ල ස්කන්ධය වැඩි වන්නේ දෙකෙළවර වල නිසා භ්‍රමණ අක්ශයට දුර වැඩි නිසා අවස්ථිති ඝූර්ණය වැඩියි. එවිට භ්‍රමණයට ඇති අකමැත්ත වැඩිවන නිසා එම පුද්ගලයන් ගේ සමබරතාව රැකේ. තවද ඒදඩුවල ගමන් කරන විට , ලිස්සා වැටීමට යෑමේදි අපෙ දෑත් දෙපසට විහිදෙන්නේ මේ හේතුව නිසාය.

Post a Comment

0 Comments

2022 A/L Combined Maths paper (2023)