Rich dad poor dad audio book (sinhala)
ඉලක්කම් දෙකේ සංඛයා පහසුවෙන් ගුණ කරමු.I Easy Maths Trick
'ගණිතය' බොහෝ විට අර්ථ දැක්වෙනුයේ,
ප්‍රමාණය,ව්‍යුහය,අවකාශය සහ විපරිණාමය යනාදී දෑ අධ්‍යයනය කෙරෙන්නා වූ විෂය ක්ෂේන්‍රය ලෙස ය.ගණිතඥයන් බොහෝ දෙනෙකු විසින් දරන තවත් මතයක් නම්,ප්රත්යක්ෂ සහ අර්ථදැක්වීම්වලින් ඇරඹී නිගාමී තර්කණය මඟින් සනාථ කළ දැනුම් සම්භාරය වනාහී ගණිතය යන්නයි. ඕනෑම සමාජයක පාහේ,ගිණුම් තැබීම, බිම්මැනුම සහ තාරකා ශාස්ත්‍ර ආශ්රිත සිද්ධි පූර්ව නිශ්චය කිරීම යනාදී කටයුතු සඳහා ප්‍රායෝගික ගණිතය යොදා ගෙන ඇත.ගණිතමය සොයා ගැනීම් සහ පර්යේෂණවල දී බොහෝ දුරට ,යෙදීම් ගැනසැලකීමකින් තොරව,රටා සොයා ගැනීම සහ ඒවා අනුපිළිවෙලකට සකස් කිරීම සිදුවේ."සුවිශුද්ධ" ගණිතයෙහි ඇති සුවිශේෂ කරුණක් නම් එය නිතරම ප්‍රායෝගික යෙදීම්වලට තුඩු දීමයි.මේ කරුණ ඉයුජින් විග්නර් "ගණිතයෙහි අතක්කාවචර ඵලදායිතාව" ලෙස හඳුන්වා ඇත. වත්මනෙහි,ස්වභාවික විද්‍යා,ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යනාදී විෂය කේෂේත්‍ර නව ගණිතමය සොයා ගැනීම් මත බෙහෙවින්ම යැපේ.
-https://si.wikipedia.org-
0 Comments