අලුත් ක්‍රම සොයා ගැනීම !! Finding new ways

අලුත් ක්‍රම සොයා ගැනීම​...
 




මම මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තුවෙන්නේ , අපිට අවශ්‍ය නම් අපි කොහොමද අලුත් තර්කයක් , නව ගණිත වේගවත් සුලු කරන ක්‍රමයක් හෝ සාරාංශව කිව්වොත් නව මානයකට ගෙනියන්න පුලුවන් සංකල්පයක් සරලව ගොඩනගාගන්නේ කියලා.
(මම මේ ලිපිය තුල සදහන් කරනුයේ හුදෙක්ම මාගේ පෞද්ගලික අද්දැකීම් මිස විශ්ලේෂණීය කරණු නොව​)

මම 8 වසර වැනි කාලයේ සිට ගණිතයට ඉතා ප්‍රිය කෙනෙක් , මම හරි ආසයි මගේ සමීප මිතුරන් සමග දැනට පවතින මත , තර්ක , බොහෝ දෙනෙක් පිලිගන්න සරල කරැණු ගෙන වෙනස් මානයකින් දකින්න ( බක පණ්ඩිත), තර්ක  ගෙඩනගන්න​. එදත් අදත් කෑගහල නොකිව්වට හිතින් මට අනුව මං පොරක්,,

මම ඉස්කෝලෙන් ඉගෙන ගන්න ගණන්  Practice කරනවට වඩා කරන්න උත්සහ කලේ මගේම අලුත් ගුණකිරීමේ ක්‍රම , බෙදීමේ ක්‍රම , ගණිත විජ්ජා වගේ දේවල් නිර්මාණය කරන්න​. අන්න ඒ අවස්ථාවලදි මගේම තර්කයක් මටම ගොඩනගා ගන්න උපකාර උන ක්‍රමයක් තමයි මන් මේ කියන්නේ!

 දවසක් කම්මැලි කමේ ඉන්නකොට මට හිතුනා මොකක් හරි දෙයක් කරන්න ඕන කියලා , වර්තමාන මට හා ගොඩක් ලමයින්ට එන කුපාඩි අදහස් වෙනුවට එදා මට හිතුනේ මට  මගේම ගුණ කිරීමේ ක්‍රමයක් හදන්න ඕන කියලා , කොහොම හිතුවත් කොහොම පටන් ගන්නද , මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ??

මොකුත් හිතෙන්නේ නැතිම තැන ,, මම කරේ සරල ගුණ කිරීමක් මගේ  White Board  එකේ ලිව්වා , ලියලා කල්පනා කලා ඇත්තටම ගුණ කරනවා කියලා අපි මොකද කරන්නේ කියලා , එතකොට ඒ 8 හෝ 9 වසරේ හිටපු කොල්ලට තේරුණ දෙයක් තමයි .. අපි ගුණකිරීම කියලා කරන්නේ ගුණ කිරීමට භාජනය කරන සියලු ඉලක්කම් , සියලු ඉලක්කම් වලින් වැඩි කරලා ස්ථානීය වටිනාකම රැකෙන පරිදි ලිවීමකට තමයි ගුණකිරීම කියලා කියන්නේ කියලා,, 

අන්න එතනින් මම තේරුම් ගත්ත සරල සංකල්පය යොදාගෙන මම හරි අපූරු අලුත් ගණිත ගුණ කිරීමේ ක්‍රම කීපයක්ම නිර්මාණය කලා ,, උදාහරණ විදියටවත් දාන්න දැන් ඒ ක්‍රම මතකයේ නෑ.. ඒත් ඒකලයේ මගේ සමීප මිතුරන් ඒ ක්‍රම වලට සාක්‍ෂි දරයි..

දැන් එමු අපි අපේ Point එකට ,, අපි හැමෝම තේරෙනවා වගේ හිතුවට ඇත්තටම සුලු පිරිසක් විතරක් තේරුම් අරන් ක්‍රියාවට නන්වන වැඩ පිලිවෙලක් ගෙන තමයි මන් මෙච්චර වෙලාවක් කියන්න උත්සහ කලේ ,, ඒ තමයි ඔයාට ඕනම දෙයක අලුත් ප්‍රතිඵලයක් , නව තර්කයක් , හොද මතයක් නිර්මාණය කරන්න අවශ්‍යනම් ඔයාට සිද්ද වෙනවා දැනට තියෙන දෙය , දැනට තියෙන ආකල්පය​,  සිතුවිල්ල , ප්‍රබන්ධය සරල ස්වභාවයකට ගෙනල්ලා හොදින් අධ්‍යනය කරලා වටහ ගන්න .. නිශ්ච්තවම ඔයාට ඒ හරහා මාර්ගයක් විවෘත වෙනවා ඔයා යන ඕන මගකට!!!!!!!

ජය වේවා !!!!

අපිව දිරිමත් කිරීමක් විදියට පොඩි Comment  එකක් දාන්න​!!!
ඒවගේම​,
මේවගේ ලිපි සහ තවත් තොරතුරු ඔයාලා දැන ගන්න කැමතිනම් අපේ Blog එක Follow  කරන්න​..​

Post a Comment

1 Comments

2022 A/L Combined Maths paper (2023)