වෙනස් වීම !!!!!!!!!!!
මට අනුව වෙනස් වීම කියන්නේ මිනිස්සු අපි මුහුන දෙන අවස්ථාවලට ගැලපෙන හෝ නොගැලපෙන පරිදි සිතට දැනෙන හැගීම් වලට අනුව මොළය මෙහෙයවන ක්‍රියාවලියක්.
උදා :- හුරුපුරුදු අවන්හලකින් ආහාර ගන්න මම නුපුරුදු සේම සන්නන්නාමයෙන් ජනප්‍රිය අවන්හලකට ගිය විට මගේ සුපුරුදු විලාසය , මටත් නුපුරුදු අමුතු ආකාරයකට වෙනස් වීම . {හීනමානය කෙසේ විතත් බොහෝ දෙනෙක් අත්විදින කරුනක්}
මට දැනෙන ප්‍රදාන ආකාර දෙකක වෙනස් වීම් තියෙනවා.
1. ක්‍ෂණික වෙනස් වීම්
2. කාලයත් සමග සිදුවන වෙනස් වීම
මෙඉන් පලමු ආකාරයේ අදහස ඉතා සරලයි . පලමු උදාහරණයේ දී වගේ අපිට නුහුරු අද්දැකීමකට මුහුණ දී මේදී අපි මෙවැනි ක්‍ෂණික වෙනස් වීම් වලට ලක්වෙනවා.
දෙවෙනි ආකාරය ඒ කියන්නේ කාලයත් සමග අපි තුල නිර්මාණය වන වෙනස්කම් විවිධ හේතු මූලික කරගෙන ඇතිවෙන්න පුලුවන්. තමන් ආශ්‍රය කරන පිරිස නිසා , දෛනිකව මුහුණ දෙන සිදුවීම් නිසා , සිත තුල ඇතිවන දරුණු කැලැල් නිසා , බලකිරීම් නිසා ආදී විවිධ හේතු නිසා මෙම ආකාරයේ වෙනස් වීම් වලට අපි ලක්වෙනවා.
0 Comments